(රෝෂන් තුෂාර)
ඌව පළාත් සභාව මගින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ගිණුම් හයක මුදල් කල්පිරීමට පෙර ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 173ක පඩුවක් කළැයි කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 1 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු සෙසු නඩු දෙකට ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කරනු ලැබුවාය.
(ඡායාරූපය - සුමුදු හේවාපතිරණ)