
(සුජිත් හේවාජුලිගේ)
අධිකරණවල ගොඩ ගැසී පවතින නඩු භාණ්ඩ ලබන දෙසැම්බර් මස 31 වැනිදාට පෙර නිෂ්කාෂණ කළ යුතු බවට අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ නිලධාරීන්ට දැනුම් දී ඇත
එහි ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඩී.එම්.ජේ.දිසානායක මහතා චක්‍රලේඛයක් මගින් සියළුම මහාධිකරණ විනිසුරුවන් හා අධිකරණ නිලධාරීන් ට මෙම දැනුම් දීම කර ඇත.
අද සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා, සති අන්ත දිනවල හෝ රජයේ නිවාඩු දිනයක, නැවත අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් අවසර ඇයැදීමකින් තොරව එම කටයුතුවල නිරත විය හැකි බවද එම නිවේදනයේ දැක්වේ.

