උසස් පෙළට ලයිට් කැපුවාට ලොක්කො 2ක් මානව හිමිකම් කොමිසමට


(ඉන්දිකා  රාමනායක)

උසස් පෙළ විභාගය අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමට පියවර නොගැනීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා විදුලිබල සහ බලශක්ති  අමාත්‍යාංශයේ ලේකම්  සුගත් ධර්මකීර්ති  සහ මහජන උපයෝගිතා  කොමසමේ සභාපති ජනත රත්නායක  යන මහත්වරුන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම  වෙත අද (25) පෙරවරුවේ පැමිණි බව එම කොමිසම කියයි.

 උසස්  පෙළ  විභාගය   අවසන් වනතුරු   විදුලිය   විසන්ධි කිරීම   වැළැක්වීමට පියවර නොගැනීම්   සම්බන්ධයෙන්   සිදුකරන විමර්ශනකට අදාලව මොවුන් දෙදෙනා කොමිසම හමුවට කැඳ තිබුණ.