(ඩයනා උදයංගනී)
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා අයදුම් කිරීමට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමය ඔස්සේ පහසුකම් සලසන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.
ඒ පිළිබඳ දැන්වීම ඉදිරියේදී ජාතික පුවත්පත්වල පල කරන බව ද සනත් පූජිත මහතා සඳහන් කළේය. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් කිරීමට අවශ්‍ය නම් 1911 ක්‍ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 011 2784208, 011 3784537, 011 3188350 හෝ 011 3140314 යන දුරකතන අංක ඔස්සේ ලබාගත හැකි බව ද විභාග දෙපාර්තමේන්තුව පවසයි.

