උසස් පෙළ නැත්නම් වෛද්‍යවරයකු වෙනව බොරු


(රංජන් කස්තුරි)

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විෂයන් තුනම අසමත් සහ උසස් පෙළ විභාගයට පෙනී නොසිටි  කිසිවෙකුට වෛද්‍යවරයකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය නොහැකියැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ඒ අනුව උසස් පෙළ විභාගයේ නියමිත සුදුසුකම් නොමැති සිසුන්ට විදේශ වෛද්‍ය  උපාධිය ලබා ගත්ත ද මෙරට වෛද්‍ය සභාවේ  ලියාපදිංචි වී වෛද්‍යවරයෙකු ලෙස සේවය කිරීමට හැකියාවක් නැතැයි ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය සම්මත කරගෙන තිබෙන නව නීතියට අනුව මෙරට වෛද්‍ය වරයකු ලෙස කටයුතු කිරීමට නම් අවම වශයෙන් අධ්‍යය පොදු සහතික පත්‍ර උසස් පෙළ විද්‍යා විෂයධාරාවෙන් සම්මාන සාමාර්ථ (c) දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් (s) තිබිය යුතු ය.