
(අංජුල මහික වීරරත්න)
උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.
කාලගුණ තත්වය යහපත් වූ සැණින් විභාගය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර තුන්වන පාසල් වාරයේ පාසල් ආරම්භය දෙසැම්බර් මස 16 දා තෙක් කල් දැමූ බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

