(ආරියරත්න රණබාහු)
පුවත්පත ගුවන්විදුලිය සහ රූපවාහිනිය යන මාධ්‍යයන්හි දස්කම් පෑ ප්‍රවීණ කලා ශිල්පී උලපනේ ගුණසේකර මහතා අද (10) අභාවප්‍රාප්ත විය.
සීමා සහිත ස්වාධීන පුවත්පත් සමාගමේ ‘දවස’ පුවත්පතේ කර්තෘ මාණ්ඩලිකයකු වූ ගුණසේකර මහතා පසුකාලයක ගුවන් විදුලි නාට්‍යයේ ශිල්පියකු හා රූපවාහිනි හඬ කැවීම් ශිල්පියකු ලෙස මහත් ජනප්‍රියත්වයක් හිමිකර ගෙන තිබිණි.
1994 වසරේදී අතුල රත්නසිරිලාල්ගේ රාමායනය නාට්‍යයේ හඬකැවීමෙන් එම ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉන් පසු ජනප්‍රිය රූපවාහිනි කාටුන් වැඩසටහන් වූ සූරපප්පා හි ‘වෙද පප්පා‘ මණ්ඩුක භවනේ ‘මහතුන්‘ , පැංචාහි ‘වලස් රාල‘ , අපි රජ ඉබ්බෝ හි ‘මාස්ටර්‘ යන චරිතවලට හඬ කැවීම් කළේය.
එමෙන්ම විදෙස් ටෙලි නාට්‍යන්වල සුජාත දියණිය සහ අභීත දියණිය යන නාට්‍යවලටද සිංහල හඬ කැවීමෙන් දායක වූ ගුණසේකර මහතා මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේත් චරිතයකට පණ පෙවීය.
වෙසක් තොරණ සඳහා මර්වින් සේනාරත්න මහතා නිර්මාණය කළ ජාතක කතාවල චරිතවලට හඬ කැවීම්ද කළ හෙතෙම කවියකු ලෙසද ප්‍රකටය.

මියයන විට 77 වන වියේ පසුවූ උලපනේ ගුණසේකර මහතා දියණියකගේ පියෙකි.
දේහය ලබුගම නිරිපොල නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (12) පස්වරුවේ ලබුගමදී සිදු කිරීමට නියමිතය.

