උයිලංකුලම් ගොවියෝ ජීවිත අරක්ෂාව ඉල්ලා විරෝධයක


( රොමේෂ් මධුෂංඛ )

මන්නාරම උයිලංකුලම් නොච්චිකුලම් ප්‍රදේශයේ පිහිටි කුඹුරුයායක ගොවිතැන් කටයුතුවල නිරත වූ ගොවියෙකුට කිසියම් පිරිසක් වෙඩිතබා පලාගොස් ඇතැයි පොලීසිය කියයි.

 මේ හේතුවෙන් තමන්ට නිසි ආරක්ෂාවක් සලසා දෙන්නැයි පවසමින් ගම්වාසීහූ  උයිලංකුලම් මාර්ගය අවහිර කරමින් අද(20) විරෝධතාවක නිරත වූහ.

ගොවියා ගොවිතැන් කටයුතුවල නිරත වූ අවස්ථාවේදී  ඊයේ (19) සවස යතුරුපැදියකින් පැමිණි පිරිසක් වෙඩිතබා පලාගිය බවටත් ගොවියා අනුනවයෙන් දිවිබේරාගෙන ඇති බවත් ඔවුහු කියති.

මේ වන විට ගම්මානයේ පහරදීම් සහ වෙඩිතැබීම් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනෙකු පමණ මිය ගොස් ඇති බවත් විරෝධතාකරුවෝ කියති.

 සිද්ධිය වූ ස්ථානයට ගිය මන්නාරම් පොලීසිය විසින් වෙඩිතැබූ ස්ථානයේ පරික්ෂා කොට අදාල ගොවියාගෙන්ද කටඋත්තර ලබාගෙන පරිකක්ෂණයක් අරඹා ඇතැයි කියයි..