උපාධියට වරම් නැති සිසුන් 6847කට උපාධියක් ගන්න ණයක්


(රංජන් කස්තුරි)

විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි සිසුන්ට මෙරට රජ්‍ය නොවන විශ්ව විද්‍යාලවලින් පිළිගත් උපාධියක් හැදෑරීම සඳහා ලබාදෙන ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් 6847 දෙනකුට ණය පිරිනැමෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යංශය  සමඟ ගිවිසුම්ගතව සිටින මෙරට රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල ගණනාවකින් එම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට උපාධි පාඨමාලා හැදෑරීමට අවස්ථාව හිමිවන බව ද එම අමාත්‍යංශය පවසයි.