
(යොහාන් භාසුර)
දුම්රිය ස්ථානාධිපති සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට සහයෝගය දක්වමින් උප දුම්රිය ස්ථානාධිපති සංගමය ද සහයෝගය දක්වන බව සමස්ත ලංකා උප දුම්රිය ස්ථානාධිපති එකමුතු සංසදයේ සභාපති ඒ. අයි. පී. සඳරුවන් මහතා දුම්රිය දෙපාර්තමේන්තුව දැනුවත් කර තිබේ.
ඒ අනුව උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වැඩවර්ජනයට සහභාගි වෙති. ශ්‍රී ලංකාව පුරා උප දුම්රිය ස්ථාන 172 ක් ඇති අතර උප දුම්රිය ස්ථානාධිපතිවරු ද වර්ජනයට එකතු වීමත් සමඟ සමස්ත දුම්රිය ධාවනය තව දුරටත් අඩපණ වේ.

