උප තැපැල් ස්ථානාධිපතිවරු 378 ක් ස්ථිර වෙති


(අංජුල මහික වීරරත්න)

වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 කට ස්ථිර පත්වීම් පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මානව සම්පත ඉහළ නැංවීමට පියවරක් ලෙස මේ තීරණය ගන්නා බව ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් මෙම වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 378 දෙනා සඳහා ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීම් ලබාදීමට විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද ලබාගත් බව අමාත්‍යවරයා කීය.

මෙම පත්වීම් ප්‍රදානය කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී හෙට පෙරවරු 9.30  සිදු කිරීමට නියමිතය.