උද්ධමනය පහළට


(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය ජූනි මස සියයට 10.8 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මැයි මාසය සමඟ සසඳන ජූනි මස උද්ධමනය සියයට 11.3 කින් පහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.ජූනි මස ආහාර උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇති බවත් එය මැයි මසට සාපේක්ෂව සැලකිය යුතු පහළ යෑමක් බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එසේම ජූනි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 18.3 ක් දක්වා පහළ ගොස් ඇත.