(තිලකරත්න දිසානායක)
දිවයිනෙහි විවිධ ප්‍රදේශවල ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර මගින් ලක්ෂ 25ක් වංචා සහගතව ගත් බව කියන පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව යක්කල පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික බැංකුවක කිරිල්ලවල ප්‍රදේශයේ ස්ථාපිත ස්වයංක්‍රීය මුදල් යන්ත්‍රයක් මගින් දිගින් දිගටම ව්‍යාජ කාඩ්පත් උපයෝගී කර ගනිමින් මුදල් ලබා ගන්නා බවට යක්කල පොලීසියට ලද තොරතුරක් මත සැකකරු අත් අඩංගුවට ගැනීම සිදු කළ බව පොලීසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිව සිට දැනට දොම්පෙ ගිරිදර පදිංචි 32 හැවිරිදි මෙම තරුණයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තදින්ම මත් කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින්නකු බවත් ඊට අවශ්‍ය මුදල් සොයා ගැනීම පිනිස ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර මගින් වංචනිකව මුදල් ලබාගැනීම සිදු කොට ඇති බවත් අනාවරණයවී යැයි පොලීසිය කියයි.
පොලිස් බල ප්‍රදේශ 14 කට අයත් විවිධ ප්‍රදේශවලදී මෙලෙස වංචා සහගතව මුදල් ලබා ගැනීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වත්තල පොලීසියට ලැබී ඇති බවත් පොලීසිය සදහන් කරයි.
ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර අක්‍රීය තත්ත්වයට පත් කොට මුදල් ලබා ගැනීමට පැමිණෙන ගිණුම් හිමියන්ට සහාය දක්වන බව පෙන්වමින් මොහු අත තිබූ භාවිතා නොවන කාඩ් පත් සහ ගිණුම් හිමියන්ගේ කාඩ්පත් ක්ෂූම ලෙස මාරු කොට රහස් අංක දැනගනිමින් වංචා සහගතව මුදල් ලබාගැනීම් සිදු කොට ඇති බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙලිවී ඇත.