උතුරු දුම්රිය යළි සාමාන්‍ය පරිදි


(මහින්ද නිශ්ශංක)

පීලි පැනීමට  ලක් වූ යාල්දේවී දුම්රිය යළි පීල ගත කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සාමන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

කන්කසන්තුරේ  සිට කොළඹ බලා   ඉකුත් 5 වැනි දා ධාවනය වූ යාල්දේවි දුම්රිය පූනානි දුම්රිය ස්ථානය ආසන්නයේදී පිළි පැනීමට ලක් විණි.

දුම්රිය යළි පීලි ගත කිරීමෙන් අනතුරුව දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ කෙරිණි.