උතුරු දුම්රිය යළි ධාවනයට


(යොහාන් භාසුර)

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ මාර්ග අවහිරතාව නිසා තාවකාලිකව අත්හිටුවූ උතුරු මාර්ගයේ දුරගමන් දුම්රිය ධාවනය හෙට (16) සිට නැවත ආරම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව හෙට සහ අනිද්දා (16 සහ 17) උතුරු මාර්ගයේ දුරගමන් සේවා දුම්රිය හයක් ධාවනය කිරීමට නියමිතය.

හෙට (16) දුම්රිය කාලසටහන

● ගල්කිස්ස - කන්කසන්තුරය සීග්‍රගාමී දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 5.45)

● කන්කසන්තුරය - ගල්කිස්ස සීග්‍රගාමී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 13.15)

● ගල්කිස්ස - කන්කසන්තුරය යාල්දේවි දුම්රිය (කොළඹ කොටුවෙන් පිටත්වීම 6.35)

● කන්කසන්තුරය - ගල්කිස්ස යාල්දේවී දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 9.00)

● කොළඹ කොටුව - කන්කසන්තුරය (කොළඹ කොටුවෙන් පිටත්වීම 11.50) අනිද්දා (17) දුම්රිය කාලසටහන

● කන්කසන්තුරය - කොළඹ කොටුව නාරාන්තර දුම්රිය (කන්කසන්තුරයෙන් පිටත්වීම 5.30)