(ගයාන් සූරියආරච්චි)
ඊෂි කෑෂ්, එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, Reload and bill payment ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වානිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව සිදු කළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලදී පුද්ගලයින් 316 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි .
ඔවුන් අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 20 ක් සහ අපරාධ වලට සම්බන්ධ සැකකරුවන් 11 දෙනෙකු සිටින බවට හදුනාගෙන ඇති බවද පොලිස් මුලස්ථානය සදහන් කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් විසින් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කිරීමට කටයතු කරන බව පොලිස් මුලස්ථානය වැඩිදුරත් සදහන් කරයි.

