ඊශ්‍රායල ජාතිකයන්ට මෙරට ස්ථාපිත ‘චබාද් මධ්‍යස්ථානවලට පැය 24 ම පොලිස් ආරක්ෂාව


(ගයාන් සූරියආරච්චි)

දිවයිනේ පොලිස් වසම් කීපයක මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන්ට පවතින තර්ජන හේතුවෙන් ඔවුන් සදහා ස්ථාපිත කර ඇති ‘චබාද් මධ්‍යස්ථාන‘ සදහා පැය 24 ම පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

මෙරට රැදී සිටින ඊශ්‍රායල ජාතිකයන් ආගමික වතාවත්, විවේකය ලබාගැනීම සහ ආහාර පාන ලබාගැනීම් එම මධ්‍යස්ථානවල සිදුකරන බවත් ඔවුන් පවතින තර්ජන පොලිස් මූලස්ථානය කියයි.