(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් මූල්‍යායතනයක් පවත්වාගෙන ගොස් රුපියල් මිලියන තුනකට අධික මුදලක් සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන පෞද්ගලික නඩු තුනකට අදාළව නොතීසි මත අධිකරණයේ පෙනී සිටි ඊටීඅයි ෆිනෑන්ස් ලිමිටඩ් මූල්‍යායතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සිව්දෙනෙකු එක් අයකුට රුපියල් ලක්ෂ 15ක් වූ පෞද්ගලික ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා අද(02) නියෝග කළේය.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනතේ 136 (1 ආ) වගන්තිය ප‍්‍රකාරව නිතීඥ එච්. එම්. දිලූම් ඩී. බණ්ඩාර මහතා මගින් නිට්ටඹුවේ චම්පිකා උප්පලවන්නා නානායක්කාර මහත්මිය ඇතුළු පැමිණිලිකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කරන ලද පැමිණිලි තුනකට අදාළව නොතීසි මත අධිකරණයේ පෙනී සිටි ඊටීඅයි ෆීනෑන්ස් ලිමිටඞ් ආයතනයේ අධ්‍යක්ෂකවරුන් වූ ජීවක හේමාල් එදිරිංහ, දීපා අජංලී එදිරිසිංහ, අසංක ශ්‍රීමාල් එදිරිසිංහ සහ නාලක එදිරිසිංහ යන අයව වෙත එලෙස ඇප නියම විය.
එක් නඩුවක් සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ පහක පෞද්ගලික ඇපයක් වශයෙන් නඩු තුනට එක් අයකුට රුපියල් ලක්ෂ 15ක ඇපයක් අධිකරණයෙන් නියම වූ අතර, සිද්ධියට අදාළව චූදිතයින්ට චෝදනා කියවාදීම අද (02) අධිකරණය හමුවේ සිදුවිය.

