(සුජිත් හේවාජුලිගේ )
රජයේ ඉහළ තනතුරු පහකට නම් කෙරුණු පස්දෙනකු එම තනතුරුවලට පත් කිරීමට සුදුසු දැයි පරීක්ෂා කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත.
මෙසේ සුදුසුකම් පරික්ෂා කෙරෙන්නේ රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස නම් කරනු ලැබූ මහාචාර්ය ජනිතා අභයවික්‍රම ලියනගේ, කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කරන ලද හර්ෂ කුමාර නවරත්න ,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද මහාචාර්ය උදිත කේ ජයසිංහ, ග්‍රාමීය කුඹුරු හා ආශ්‍රිත වැව් ජලාශ හා වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් පත් කරන ලද අයිවන් ද සිල්වා, නිපුණතා සංවර්ධන ,වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපයුම් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් වශයෙන් පත්කරන ලද දීපා ලියනගේ යන මහත්ම මහත්මීන්ගේය.
මේ නිලධාරීන් පත් කිරීම් සම්බන්ධයෙන් කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කරුණු දැක්වීමට කැමැත්තේ නම් යථා පරිදි අත්සන් කරන ලද ලිඛිත සන්දේශ ලබන 14 වැනිදාට පෙර ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව, කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ යන ලිපිනයට එවිය යුතු බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එම ලිඛිත සන්දේශවලට අමතරව වාචික සාක්ෂි ඉදිරිපත් කරන ලෙසටද කාරක සභාව විසින් ඉදිරියේ දී නියම කෙරෙනු ඇත.

