
(මනම්පිටිය නිමල් ජයරත්න)
පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පියා විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි.
පොළොන්නරුව කදුරුවල නගර මහා විද්‍යාලයේ 3 වසර ඒ පන්තියේ ඉගෙනුම ලබන, හෙට්ටිආරච්චි කළු අග්ගල දොන් ඉෂාන් මධූෂ ඔනාත් කුමාර මෙලෙස අතුරුදහන් වී ඇති බවට ඔහුගේ පියා වන සෙවනපිටිය මහවැව කේ.ඒ.ඩි.තරංග ලක්ෂාන් මහතා විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇති බවද පොලිසිය කියයි.
29 වියති දෙදරු පියකු වන තරංග ලක්ෂාන් මහතා තම දරුවා, සොයා දෙන ලෙසට මහජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින අතර දරුවා පිළිබඳ තොරතුරු ඇතොත්, පොළොන්නරුව පොලිසියට හෝ 0768372189 යන දුරකථන අංකයට දැනුම් දීමක් කරන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කර සිටියේය.

