(ජේ.කේ.එල්. චාමින්ද)
ඉරානයේ සිට නෞකාවකින් ගාලුවරායට පැමිණි, නෞකාවලට ආරක්ෂාව සපයන මුහුදු ආරක්ෂකයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණයේ දී තහවුරු වී ඇති බැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.
සේවය අවසන් වීමෙන් පසු ඉරානයේ සිට යාත්‍ර කරමින් තිබු නෞකාවකින් පැමිණි මුහුදු ආරක්ෂකයින් තිදෙනෙකු ඉකුත් 7වැනි දින ගාල්ල වරායෙන් ගොඩ බැස ඇති බවද පොලිසිය පවසයි. මෙම මුහුදු ආරක්ෂකයින් තිදෙනා ශ්‍රී ලාංකිකයින් වත අතර මොවුන් ගාල්ල වරාය තුළදි පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇත. මොවුන් තිදෙනා යලි නෞකාවක සේවයට වාර්තා කරණ තෙක් මාගාල්ල ප්‍රදේශයේ හෝටලයක නතර වී නිරෝධායනය වෙමින් සිට ඇත. පී.සී.ආර් පරීක්ෂණවලදි මින් එක් අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට ඊයේ (08) රාත්‍රී තහවුරු වී ඇති බව පොලිසිය පවසයි.
පසුව එම මුහුදු ආරක්ෂක නිලධාරියා අද (09) අලුයම කොළඹ අයි.ඩී.එච් රෝහලට පිටත් කරයැවීමට කටයුතු කළබැව් ගාල්ල වරාය පොලිසිය පවසයි.මොවුන් නතරවී සිටි හෝටලයේ දැනට මාස තුනක කාලයක සිට ඉන්දියානු මුහුදු ආරක්ෂක නාවිකයින් සිව්දෙනෙකු ද නතර වී සිටින ඔවුන් හා මෙකී හෝටලයේ කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට කිරීමට තීන්දුකොට ඇති බවද ගාල්ල වරාය පොලිසිය පවසයි.

