ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර “ග්‍රීන් සෝන්” ප්‍රදේශයට මෝටාර් ප්‍රහාර මාලාවක් සහ රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ යැයි ආරක්ෂක අංශ සඳහන් කරයි.
“ග්‍රීන් සෝන්” යනු බැග්ඩෑඩ් නුවර “ජාත්‍යන්තර කලාපය” යනුවෙන් හඳුන්වන ප්‍රදේශයයි.
ඇමෙරිකාවෙන් මාරාන්තික ප්‍රහාර එල්ල වීමෙන් පසු මෙලෙස ඉරාක අගනුවරට රොකට් හා මෝටාර් ප්‍රහාර එල්ල වී තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සිකුරාදා එල්ල කළ ප්‍රහාරයකින් ඉරානයේ ඉහළ පෙළේ අණදෙන නිලධාරියකු වූ කසීම් සුලෙයිමානී සහ ඉරාකයේ සන්නද්ධ හමුදාවල ඉහළ පෙළේ නායකයකු වූ අබු මහ්දි අල් මුහන්දිස් ඇතුළු ඉරාන හා ඉරාක සන්නද්ධ කල්ලි නායකයෝ පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉරාකයේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇත්තේ “ග්‍රීන් සෝන්” ප්‍රදේශය වන අතර මෙම ප්‍රදේශය දැඩි ආරක්ෂාවක් සහිත ප්‍රදේශයක් යැයි ද සළකයි.
එක් රොකට් ප්‍රහාරයක් “ග්‍රීන් සෝන්” ප්‍රදේශයේ පතිත වූ බවත් අනෙක ඒ ආසන්නයේ පතිත වූ බවත් ඉරාක ආරක්ෂක අංශ සඳහන් කළේය.
ඇමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රය තුළ අනතුරු ඇඟවීමේ නළා නාද වූ ආරංචි මාර්ග උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඉන් අනතුරුව උතුරු බැග්ඩෑගයේ පිහිටි බලාද් ගුවන් හමුදා කඳවුරට රොකට් ප්‍රහාර දෙකක් එල්ල වූයේ ආරක්ෂක අංශ සඳහන් කළේය. ඇමෙරිකානු හමුඳා ස්ථාපිත වී සිටින්නේ එම කඳවුරේය.
රොකට් ප්‍රහාරවලින් පසුව අනතුරු ඇඟවීමේ නළා නාද වූ බවත් රොකට් ප්‍රහාර එල්ල වූ ප්‍රදේශ සෙවීම සඳහා ආවේක්ෂණ ඩ්‍රෝන යානා යැවූ බවත් තවදුරටත් වාර්තා විය.
ඒ.එෆ්.පී.
055

