ඉපලෝගම පොලිසියේ 15කට කොරෝනා


(දයාරත්න ඇඹෝගම)

ඉපලෝගම පොලිසියේ පොලිස් නිලධාරින් පහළොස් දෙනෙකුට කොරෝනා රෝගය වැළදි ඇතැයි ඉපලෝගම සෙෘඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්.ජයසුරිය මහතා පවසයි.

කොරෝනා රෝගය වැළදි ඇති එම පොලිස් නිලධාරින් ඇසුරැ කළ තවත් පොලිස් නිලධාරින් විසිපස් දෙනෙකු නිරෝධායනය කොට ඇති අතර හැට දෙනෙකු පිසිආර් පරික්ෂණයකට ලක්කොට තිබේ.

මෙම හේතුව නිසා ඉපලෝගම පොලිසියේ රාජකාරි සදහා වෙනත් පොලිසිවල සේවය කළ පොලිස් නිලධාරින් පිරිසක් ඉපලෝගම පොලිසියට අනුයුක්ත කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කියයි.

මේවන විට ඉපලෝගම ප්‍රදේශයෙන් කොරෝනා රෝගින් 72 දෙනෙකු වාර්තාවි ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 310 දෙනෙකු නිරෝදායනයට ලක්කොට ඇති බවත් ඉපලෝගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජයසුරිය මහතා පැවසිය.