
(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
ඉන්ධන ඇනවුම් අත්හිටුවීමට ගත් තීරණයක් සම්බන්ධයෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ වට්ටම් මුදල් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් මත ඉන්ධන බෙදාහැරීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබු අතර සමහර ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පෝලිම් ඉකුත් දින කීහිපය තුළ දක්නට ලැබිණ.
සාමාන්‍ය ජන ජීවිතය කඩාකප්පල් කිරීම සදහා කිසියම් කණ්ඩායමක් උත්සාහ කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති සුකුම් සන්දනායක සහ කමිටු සාමාජික ශාන්ත සිල්වා යන මහත්වරුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම්දීමට අනුව ඔවුහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටියහ.
(ඡායා සුමුදු හේවාපතිරණ)


