ඉන්ධන බෙදුම්කරුවෝ තවත් අපහසුතාවකට


(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කිරීමෙන් පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් මෙම තත්වය හේතුවෙන් ඉන්න ඇනවුම් වැඩි සංඛ්‍යාවක් ගැනීමට නොහැකි වී ඇති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
මෙම තත්වය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවිමේ අවධානමක් ඇති බව කියන ඉන්ධන බෙදුම්කරුවෝ ඉන්ධන අළෙවිය සීඝ්‍රයෙන් පහළ යමින් තිබීම නිසා බෙදුම්කරුවන් සංස්ථාවෙන් චෙක්පත් පහසුකම ඉල්ලා ඇති බව ද සඳහන් කරති.