ඉන්ධන පෝලිමේ තිබූ යතුරු පැදි 13ක් යටකර ගිය මෝටර් රථය


(පද්මා කුමාරි කංකානම්ගේ)

කල්පිටිය ඒත්තාල ඉන්ධන හල අසල පොළිමේ නවතා තිබූ යතුරු පැදි මතින් සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදි 13 කට බරපතළ හානි සිදුව ඇතැයි කල්පිටිය පොලිසිය කියයි.

මෙම අනතුරින්ල ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද පොලිසිය කියයි.

මෝටර් රිය පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබියදී මෙසේ අනතරට ලක්ව ඇත. ජීප් රිය සහ රියදුරු කල්පිටිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.