ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන් දින ඔඩුදුවයි.
මේ වනවිට ඉන්දීය රජය, පාකිස්තානය සමඟ ඇති දේශසීමාව වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන්දියාවේ විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ, සාර්ක් වීසා වැඩසටහන යටතේ පාකිස්තාන ජාතිකයින්ට ඉන්දියාවට යෑමට යළි ඉඩ නොදෙන බවය.
එමෙන්ම එවැනි වීසා බලපත්‍රයක් සමඟ ඉන්දියාවේ සිටින ඕනෑම පාකිස්තාන ජාතිකයකු පැය 48ක් ඇතුළත ඉන්දියාවෙන් පිටවී යා යුතු යැයි ද ඉන්දීය රජය දැනුම් දී ඇත.
(අල් ජසීරා)