
(තිළිණි ද සිල්වා)
කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩල සහායකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගත් බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අද ( 02) නිවේදනය කළේය.
එම පුද්ගලයා ආසාදිතයෙකු බව ඊයේ (01) හඳුනාගෙන ඇති අතර මේ වනවිට ඔහු ශ්‍රී ලංකා රජය මගින් පවත්වා ගෙන යනු ලබන වෛද්‍ය මධ්‍යස්ථානයකට යොමු කර ඇති බව සඳහන් වේ.
එම කාර්ය මණ්ඩල සාමාජිකයාගේ රාජකාරී ස්වභාවය අනුව ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සේවයේ නියුතු නිලධාරීන් සමග ඉතා අඩු වශයෙන් සම්බන්ධ වී ඇති අතර හඳුනාගත් මූලික අශ්‍රිතයින් කිහිපදෙනෙකු පීසීආර් පරීක්ෂණ සහ අනෙක් ක්‍රමවේද සඳහා යොමුකර තිබෙන බවද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කියා සිටී.
මහ කොමසාරිස් කාර්යාලයේ කටයුතු අඩු කාර්ය මණ්ඩලයක් සහිතව පසුගිය සති කිහිපයේදී සිදුකළ බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

