ඉන්දීය ධීවරයෝ මෙරට මුහුදු සීමාවේ බරටම වැඩ


(විමුක්ති එස් රුද්‍රිගු)

ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නියැලෙමින් තම ශ්‍රී ලාංකික සහෝදරයන් පත්ව ඇති දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ලබා ගන්නා බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පවසයි.

උග්‍ර ඉන්ධන හිඟය සහ දේශපාලන අවිනිශ්චිතතාවය හේතුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්ෂක මුර සංචාර අවම වී ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය වාර්තා කළේය.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු කිරීම වළක්වාලමින් තම ජීවනෝපාය ආරක්ෂා කර දෙන ලෙස තමිල්නාඩු මහ ඇමති එම්.කේ ස්ටාලින් මහතාගෙන් ශ්‍රී ලංකාවේ උතුරු පළාත් ධීවරයන් ඉල්ලීමක් කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය සඳහන් කළේය.

ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකා ධීවරයින් සහෝදරයන් ලෙස සලකන්නේ නම් තම මුහුදු සීමාවේ ධීවර කටයුතු සිදු නොකරන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා කළ විමසීමකදී මන්නාරම දිස්ත්‍රික් ධීවර සංගමයේ ලේකම් සහ උතුරු පළාත් ධීවර සංගම් ප්‍රකාශක නූර් මොහොමඩ් අලාම් ප්‍රකාශ කළ එම වෙබ් අඩවිය වාර්තා කළේය.