(ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ චෙන්නායි නුවර රැදී සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙකු , යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(12) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් චෙන්නායි බලා පිටත්ව ගියේය
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1121 දරණ එම විශේෂ ගුවන් යානය අද දින උදෑසන ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගියේය .
වෙනත් ගුවන් මගීන් නොමැතිව , ගුවන් යානා කාර්යය මණ්ඩලය පමණක් ගුවන් ගුවන් යානයෙන් චෙන්නායි බලා ගමන් ගත්හ .
මෙම ගුවන් යානය , මෙම ගුවන් මගීන් පිරිස ද රැගෙන යළි ආපසු අද12 දින දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය .

