ඉන්දියාවේ පාසල්​ ගොඩනැගිල්ලක් කඩා වැටී 4 ක් මරුට


ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තයේ පාසල් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන්, එම ගොඩනැගිල්ලේ සිටි දරුවන් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

සුන්බුන් අතරේ සිසු දරුවන් පමණක් නොව ගුරුවරුන් ද බොහෝ පිරිසක් සිරවී සිටින බව ද වාර්තා වේ.

රාජස්ථාන් ප්‍රාන්තයේ ජලාවර් දිස්ත්‍රික්කයේ රජයේ පාසලක තනි මහල් ගොඩනැගිල්ලක් මෙලෙස කඩාවැටී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේ ගුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට අමතරව ළමුන් 40 දෙනකු පමණ සිට ඇතැයි ද පැවැසෙයි.

කඩා වැටුණේ නිසි ලෙස නඩත්තු නොකළ අබලන් වූ ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ලේ තත්ත්වය අවධානම් යැයි අවස්ථා ගණනාවකදී පැමිණිලි ලැබී තිබුණි.