(යොහාන් භාසුර)
ඉන්දියාවේ උත්සහය කඩිනමින් ශ්‍රී ලංකාව තුළ එරට දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පැතිරවීම බවත් එයට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ අද වන විට ගැතිකම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
ඉන්දියාවේ වුවමනාව මෙරට පත්ව සිටින තීව්‍ර ආර්ථික අර්බුදය යොදාගෙන එට්කා ගිවිසුම ද අත්සන් කරවාගෙන ශ්‍රී ලංකාව තුළ සිය දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පතුරුවාලීම බවත් ඊට අද ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ ගැතිකම් කරන හෙයින් ඔවුන් ද මෙම සැබෑ අනතුර පෙන්වා නොදෙන බවත් ඒ මහතා කීය.
‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ ලංකාවට උගන්වනු ලැබූ දේශපාලන පක්ෂය ද අද නිහඬව සිටින්නේ ශ්‍රී ලංකාව අත්පත් කර ගැනීමේ ඉන්දියානු ක්‍රියාන්විතයේ ඔවුන් ද ඉතා ප්‍රබල සාමාජිකන් නිසා බව ද වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

