(මහින්ද නිශ්ශංක)
ඉන්දියාවෙන් ආනයනය කළ එච් -11 වර්ගයේ දුම්රිය එන්ජින් ධාවනයේදී දෝෂ සහ ගැටලු තිබේද යන්න සොයා බැලීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර තිබේ.
අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (කාර්මික) ඩබ්ලිව්. ජී.ටී.එල්. වික්‍රමරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ප්‍රධාන ඉංජිනේරු(මාර්ග හා කර්මාන්ත) ප්‍රියා ප්‍රනාන්දු සහ ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න යන මහත්වරු කටයුතු කරති.
දිගින් හා බරින් වැඩි මෙම එන්ජින් ධාවනයේදී ගැටලු හා දෝෂ පවතින බවට රියදුරු හා නියාමක ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් කරුණු දැක්වීම අනුව කමිටුව පත්කර තිබේ.

