නව කොරෝනා වයිරස හේතුවෙන් තෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට අසල්වැසි ඉන්දියාව පත්ව ඇත.
ප්‍රාන්ත ආණ්ඩුවල දත්තවලට අනුව ඉන්දියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන හයලක්ෂ නවදහස ඉක්මවා ගියේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව රුසියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන හයලක්ෂ අටදහසකි.
මේ අනුව ඉන්දියාවෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 695,396ක් වන අතර රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 681,251ක් ලෙස දැක්විණි.
මේ අනුව ඉන්දියාවට වඩා වැඩියෙන් ආසාදිතයන් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් සහ බ්‍රසීලයෙන් පමණි. තවමත් ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වන අතර එම ගණන 2,956,834කි. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙනි. එරටින් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,578,376කි.
ඉන්දියාවෙන් ඉරිදා දිනයේදී ද වාර්තා ගත ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා විය. ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ඉරිදා, එනම් අද පෙරවරුවේ නිකුත් කළ වාර්තාවලට අනුව අවසන් පැය 24දී වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 25,000කට ආසන්න විය.
එන්.ඩී.ටීවී.
055

