ඉන්දිය මුදල් ඇමැතිනි මෙරට නිල සංචාරයක


(ටී.කේ.ජී.කපිල ) 

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාම් මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා අද (01)උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය .

ඇය සමග දූත පිරිස ලෙස තවත් එරට මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 06 දෙනෙකු ද පැමිණ සිටියහ .

ඔවුන්  අද (01 ) උදෑසන 08.31 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපොළේ සිට  මහනුවර බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .