ඉදිකිරීම් ක්ෂේත්‍රයටත් කණ කොකා


(යොහාන් භාසුර)

ඉදිකිරීම් ක්ෂේත්‍රයට අවශ්‍ය භාණ්ඩ රැසක් ආනයනය කිරීම අත්හිටුවීමෙන් එම ක්ෂේත්‍රය කඩාවැටීමේ අවදානමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා පැවසීය.

ඉදිකිරීම් කර්මාන්තයට අත්‍යවශ්‍ය භාණ්ඩ වන ඇලුමිනියම් වැහිපීලි, ජලනල සහ ටයිල් ඇතුළු භාණ්ඩ රැසක් මේ වන විට ආනයනය තහනම් කර ඇති බවත් එක ව්‍යාපාරිකයකුගේ මැදිහත්වීමෙන් ටයිල් ආනයනය තහනම් කර දේශීය වශයෙන් මිල වැඩි කර ටයිල් හිඟයක් නිර්මාණය කරමින් ටයිල් මාෆියාවක් පවත්වාගෙන යන බවත් ලියනාරච්චි මහතා වැඩිදුරටත් කීය.