ඉදල්ගස්හින්නේ පාරක් ගිලා බසී


(ඇල්ල ප්‍රසාද් රුක්මල් )

ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය අද (26) පෙරවරුවේ ගිලා බැස නායයාමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි .

පවතින අධික වර්ශාවත් සමග මෙසේ මෙම මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් නායයාමට ලක්ව  මාර්ගය ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසීමට පටන් ගෙන ඇති බවත් සදහන් කරයි.

ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය හරහා විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් වැලිමඩ , හල්දුම්මුල්ල  ප්‍රදේශවලට සංචාරය සදහා ගමන්කරති.