ඉතාලියේ සිට පැමිණි ගුවන් මගීන් මඩකලපුවට


(ටී.කේ.ජී.කපිල)

ඉතාලියේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි ගුවන් මගීන් 43 දෙනෙකු දින 14 ක නිරෝධායන කටයුතු සඳහා අද (10) සවස මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යාමට බලධාරීහු පියවර ගත්හ.

මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානා කිහිපයකින් පැමිණ තිබූ අතර ඔවුහු මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත රැගෙන යන තෙක් කටුනායක එයාපෝට්ගාඩ්න් හෝටලයේ රඳවා තිබූ බව ගුවන් තොටුපල නිලධාරියෙකු පැවසීය.

මෙම පිරිස ශ්‍රී ලංකා යුද හමුදාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සපයා තිබූ විශේෂ බස් රථ 3 ක් මගින් මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලය වෙත රැගෙන ගියහ.

(ඡායාරූප - නිමල් ජයරත්න)