
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉතාලියේ voghera නැමැති දුම්රිය ස්ථානයේ වේදිකාව අයිනේ රැඳී සිටි ශ්‍රීලාංකිකයකු බඩු ප්‍රවාහනය කරන දුම්රියක ගැටී මියගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්ස ප්‍රදේශයේ පදිංචිව සිටි නිරෝෂන් ප්‍රනාන්දු නැමැති 46 හැවිරිදි අයෙකි.
නිරෝෂන් ප්‍රනාන්දු මහතා දුම්රිය වේදිකාව ආසන්නයේ රැඳී සිටියදී අධික වේගයෙන් ගමන් ගත් දුම්රියේ වේගයත් සමග ඇතිවූ සුළඟට ඇදී ගොස් අනතුරට මුහුණ පා ඇති බව පෙනී ගොස් ඇතැයි ඉතාලියේ වෙසෙන එමිල් රොහාන් මහතා එරටේ සිට දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ලංකාදීපයට පැවැසීය.
අනතුර සිදු වූ ස්ථානයේ දී ම ඔහු මියගොස් තිබේ.

