(එම් සුසිල් පියන්ත)
ඉඩම් ආරඅවුලක් හේතූවෙන් තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයකු ආබාධිත තත්වයකට පත් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන්වූ විත්තිකරුවන් සිව් දෙනකුට බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා අද මරණ දණ්ඩණය නියම කළේය.
මීට වසර 21කට පෙර අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේ විත්තිකරුවන් මෙම අපරාධය කළ බව පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන් සිව්දෙනෙකුට මරණ දඬුවම් නියම කළ විනිසුරුවරයා සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර නැතැයි සඳහන් කරමින් මෙම චෝදනාවම ලැබ සිටි සෙසු විත්තිකරුවන් 08 දෙනකු නිදොස් කොට නිදහස් කළේය.
සාධාරණ සැකයකින් තොරව චෝදනා ඔප්පු කර ඇතැයි තීරණය කරමින් මෙසේ මරණ දඩුවම නියම කෙරුණේ අමුහොඩ ලකංගංගොඩවත්ත පදිංචි හික්කඩුවගේ නිහාල් රංජිත් හොඩැල්ල පාර මුල්ලේරියාව පදිංචි දිසානායක අප්පුහාමුලාගේ සුගත් කුමාර දිසානායක මුල්ලේරියාව වෙන්නවත්ත පදිංචි කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර හා අමුගොඩ කංගංගොඩවත්තල පදිංචි කදිරප්පුලි ගේවගේ ශාන්ත නමැත්තන්ටය.
නඩුවට පෙනී නොසිට අධිකරණය මගහැර පලා ගොස් සිටින කෙම්පාත නෙත්තිගේ අජිත් කුමාර අබේසේකර නමැත්තා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරම්න් විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වහාම ඔහු අත්අඩංගුවට ගෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීමට පොලිසියට නියම කළේය.
2002 දෙසැම්බර් 16 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අමුගොඩ අලුත්වත්ත ප්‍රදේශයේදී අමුගොඩලඅලුත්ගෙදර වත්ත පදිංචි කලුපහේ ගාමිණී නිහාල් නමැත්තා ඝාතනය කර අමුගොඩල අලුත්ගෙදර වත්ත පදිංචි කලුපහේ ගාමිණී නමැත්තා ගේ අතක් කපා වෙන් කර බරපතල තුවාල කිරීම සම්බන්ධයෙන් විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා චෝදනා නඟා තිබිණී.

