(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇල්ල ප්‍රාදේශීය සභාවට "අත" දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .
විපක්ෂය ඡන්දෙ අය කල් ගියා කල් ගියා කියමින් සිටින නමුත් ඡන්දෙ කල් තබන බවට කවුරුවත් තීරණයක් ගෙන නැති බව ද දසනායක මහතා කීය.
"කට්ටිය හෝ ගාලා එළියෙ වැඩ .අනුර එහෙන් බස් ගේනවා. සජිත් මෙහෙන් බස් ගේනවා.දැන් ජේවීපී එකයි ටැලිපොන් එකයි හැප්පෙන එක නියම වැඩේ.අසූ අටේ විජේවීරයි ,ප්‍රේමදාසයි හැප්පුනා. දැන් පුතානෝයි අනුරයි හැපෙනවා.
පෙට්ටි කඩයක් වත් කර නැති ජේවීපී නායකයා ආර්ථික විශේෂඥයන්ට දේශනා කරන බවත් ආර්ථික විශේෂඥන් ද කට ඇරගෙන ඒවා අහගෙන ඉන්න එක මරු වැඩේ බවත් චාමර සම්පත් දසනායක මහතා සඳහන් කළේය.

