ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩාවැටේ


(හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර)

මහ වැස්ස සමඟ ඇල්ල පස්සර ප්‍රධාන මාර්ගයට බල්ලකැටුව ප්‍රදේශීයේදී අද (03) සවස ගල්පර්වත සමග පස්කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මාර්ග සංවර්ධන අධිකාරිය හා ප්‍රදේශවාසීන් එක්ව පස් හා ගල් පර්වත ඉවත් කිරීමට පියවර ගෙන තිබේ .

තද වර්ෂාව සමග බදුල්ල දිස්ත්‍රික්කය හරහා දිවෙන  බොහෝ කඳුකර මාර්ග වලට ගල් පෙරළීමේ හා පස්කඳු කඩා වැටීමේ අවදානමක් මේ දිනවල පවතින බැවින් විමසිලිමත්ව රථවාහන ධාවනය කරවන ලෙස බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම්  එල් උදයකුමාර මහතා රියදුරන් ගෙන්  ඉල්ලා සිටී.