ඇල්පිටි ප්‍රා. සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සැප්. 13 තෙක් බාරගනී


රංජන් කස්තුරි

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් සැප්තැම්බර් මස 13 වැනි දා දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

එම ඉල්ලුම්පත් දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී, මැතිවරණ කාර්යාලය, ගාල්ල යන ලිපිනයට ඉදිරිපත් කළ යුතු බවද එම කොමිෂන් සභාව කියයි.

ඇල්පිටිය ප්‍රාදේශිය සභා මැතිවරණය ඔක්තෝබර් මස 11 වැනි දා පවත්වන අතර ඒ සඳහා 2018 වර්ෂයේ ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.