ඇලකට අප ජලය මුදාහැරි ගලිබවුසර් රියදුරා අත්අඩංගුවට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ  )

බණ්ඩාරගම ගැලණිගම අධිවේගී පිවිසුම අසල ඇළ මාර්ගයකට කානු පද්ධතිය හරහා අප ජලය යොමු කරමින් සිටි බවුසර් රථ රියදුරකු ඒ මොහොතේම අල්ලාගෙන පොලිසියට භාරදීමට ප්‍රදේශවාසීන් කටයුතු කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

ඒ සමගම එම ආයතනය හිමිකාරිය බව කියන කාන්තාවක් පළාගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.

මධ්‍යම රාත්‍රියේ දී  අධිවේගී පාලමයට ගිමන් හරින මුවාවෙන් බහුසරය නවතාගෙන සිට එහි බට අසල කාණුවට යොමු කර ඒ මඟින් ඇළ මාර්ගයට අප ජලය බැහැර කර තිබූ බව පොලිසිය සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී  තිබිණි.