(ඉන්දිකා රාමනායක,රෝහණ සමරවීර,අජිත්ලාල් ශාන්ත උදය සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
ඇඹිලිපිටියේ නගරයේ නිවසක සඟවා තිබු හොරොයින් කිලෝ 38ක් සමග මවක සහ ඇගේ පුතා ඇඹිලිපිටිය මුලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම නිවසේ කිලෝ 38 යි ග්‍රෑම් 360 ක ප්‍රමාණයක් තිබු බවත් ඒවා ඇසුරුම් 36 ක අසුරා තිබු බව පොලිසිය කියයි. මෙහි වීදි වටිනාකම රුපියල් කෝටි 55කට අධික බව පොලිසිය ගණන් බලා ඇත.
සැකකාර මව 46 හැවිරිදි වියේ පසුවන අතර සැකකාර පුතා වයස අවුරුදු 22ක් බව ද පොලිසිය සඳහන් කරයි.
ඩුබායි රටේ සිටි මහපරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු මෙම මත්කුඩු තොගය එවා ඇති බවත්, මෙම නිවසේ සිටි ඥාතියෙක් විසින් මෙම හෙරොයින් තොගය මෙම නිවසේ සඟවා ඇති බව පොලිසිය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ සෙබළකුට ලැබුණු තොරතුරක් පොලිසියට දැන්වීමෙන්පසු මෙම වැටලීම සිදු කර ඇත.
සැකකාර මව සහ ඇගේ දරුවා මෙම නිවසේ කුළියට පදිංචිව සිටින බවත්, නිමි ඇදුම් හා බෑග් ව්‍යාපාරයක් සිදුකරන මුවාවෙන් මෙම ජාවාරම සිදුකරන ගොස් ඇති අතර, සැකකාරිය බාරයේ තිබු හෙරොයින් කිරීම සදහා භාවිතා කරන ඩිජිටල් තරාදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.