(ජේ.ඒ.එල්. ජයසිංහ සහ ෂේන් සෙනෙවිරත්න)
තෙල්දෙණිය අඹකොටේ ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක නිවෙසක සඟවා තිබූ ගිනි අවි, උණ්ඩ 100ක් යතුරු පැදි 10ක කොටස්, මුදල් තොගයක් සමග ඇමෙරිකා පුරවැසි භාවය හිමි ශ්‍රී ලංකා සම්භවයක් ඇති දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් ලක්ෂ හතක මුදල්, වෝකි ටෝකි හතරක් රම්බෝ පිහියක් ද එම නිවසේ තිබී සොයාගෙන ඇත. සොයාගත් ගිනි අවි අතර වායු රයිෆලයක්ද තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා දෙහිවල අත්තිඩිය සහ නාවල පදිංචිකරුවන් බව ද පොලිසිය කියයි.

