
(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)
ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (23) පැවැත්විණි.
එහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා සහ දූත පිරිස ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අභියෝග ජයගැනීම සඳහා එක්සත් ජනපදය දුන් මානුෂීය සහ හදිසි ආධාර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අග කළ බවත් එම අමාත්‍යංශය සඳහන් කළේය.

