ඇමැති නාමල් රාජපක්ෂට තවත් තනතුරක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ   නව සභාපතිවරයා ලෙස ඊයේ (6) පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රංශ පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ විශේෂ රැස්වීමක්  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී  ඊයේ (06) පැවැත්විණි.

මේ අවස්ථාවට  ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති එරික් ලැවර්තු  සහ  පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක යන මහත්වරුද සහභාගි වූහ.