ඇමති ඩයනා මන්ත්‍රී රෝහණ ගුටි කෙළියක


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20)  එහි දැඩි  කලබලකාරි තත්වයක් ඇතිවිය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ  සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී  රෝහණ බණ්ඩාර  මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන්  බහින්බස් වීමක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 

ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා  සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති බවත්   එහිදී ගමගේ මහත්මිය සහ සුජිත් සංජය පෙරේරා අතරද කිසියම්  උද්වේගකර තත්ත්වයක් ඇතිවී තිබූ බවත්   එම ආරංචි මාර්ග සඳහන් කළේය.