ආහාර විෂ වීමකින් සිසුන් 25ක් රෝහලේ


(සිඩ්නි රුවන්)

කහටගස්දිගිලිය  ප්‍රාථමික විද්‍යාලයේ 3 ශ්‍රේණියේ පාසල් සිසුන් පිරිසක් අද (12) උදෑසන ආහාර විෂ වීමකින් කහටගස්දිගිලිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සිසුන් පාසලෙන් ලබාදෙන උදෑසන ආහාර වේල ලබාගැනීමෙන් පසු ටික වේලාවකින් ඇග කැසීම් ඇතිවිමත් සමග සිසු සිසුවියන් 25 දෙනෙකු රෝහල් ගත කර ඇත.

උදැසන ආහාර ලෙස කතුරුමුරුන්ගා කොල මැල්ලුම්, හාල්මැස්සන්, බන්ඩක්කා ලබාදී තිබූ බවත් එම ආහාර හේතුවෙන් මෙම  ආසාත්මික තාවය ඇතිවී ඇතිබව වෛද්‍යවරුන් පවසති.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ කහටගස්දිගිලිය ප්‍රාථමික විද්‍යාලයේ 3C සහ 3D යන පන්ති වල සිසුන් වේ. 

විදුහල්පතවරයා වන R.රන්ජන් මහතා පැවසූයේ 3D පන්තියට අද දිනයේ ආහාර ලබාදෙන සැපයුම්කාර මව නොපැමනීම හේතුවෙන් 3C පන්තියට ආහාර සපයන මව විසින් 3D පන්තිය සඳහාද  ආහාර ලබාදීම සිදුකර ඇති බවත් මේ පිළිබඳව තමාද වැඩිදුර සොයා බලා කටයුතු කරන බවත්ය.